බෙන්තර නුවන්ටත් ඔලිම්පික් වරම්
ජපානයේ පැවත්වෙන ඔලිම්පික් උළෙල පාදක කරගෙන මේ දිනවල ජපානය පුරා ධාවනය වෙමින්, ටෝකියෝ බලා එන ගිණි සිළුව රැගෙන දිවිමේ අවස්ථාව මිට ටික වෙලාවකට පෙර ශ්‍රී ලංකාවේ නුවන් සමීර ගුණවර්ධනට හිමි වුණා.
ඔහු වෙසෙන Okuizumo නගරයේ සංචාරක කර්මාන්තය නඟා සිටුවන්ට ඔහු දක්වා ඇති දායකත්වය සළකා මේ අවස්ථාව ඔහුට හිමි වුණා.
මීට අවුරුදු 20 පෙර විශ්වවිද්‍යාලය අධ්‍යාපනය සදහා ජපානයට පැමිණ ඇති නුවන් Ritsumeikan Asia pacific විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ උපාධිධාරියෙක් වෙනවා.
Comments