06 ජුනි 2021 කොරෝනාව ගැන දිනපතා දැනුවත් වෙන අපි , ඒ ගැන හරියටම දැනුවත්වන්නේ අපේම යට කොරෝන සෑදුන විට පමණි. මීට සතියකට පමණ පෙර මාගේ මව සහ පියා කොවිඩ් හේතුවෙන් රෝහල් ගතකරන ලදී . කරන්දෙණිය බොරකන්ද රෝහලෙන් කරාපිටිය රෝහලට මාගේ මව නැවත මාරුකර හරින ලද්දේ ඇගේ තත්වය අයහපත් වූ බැවිනි. මේකාලය තුල මා ලද අත්දෙකීම් අන් අයගේ යහපත වෙනුවෙන් ඉඩ ලැබෙන පරිදි බ්ලොග් කරමි.